ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ නිවාස දෙකක සහ වනාන්තර ප්‍රදේශයක සිදු වූ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිද්ධියෙන් වෙඩි තැබීම් සිදු කළ 39 හැවිරිදි චැඩ් හික්මන් නැමැත්තා ද මියගොස් සිටියදී සොයාගෙන තිබේ. වෙඩි තැබීමෙන් පසු සැකකරු පලාගොස් තිබූ අතර, පසුව පොලිසිය විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී වනාන්තර ප්‍රදේශයක තිබී සැකකරුගේ මෝටර් රථය සොයා ගැනීමට හැකි විය.
එම මෝටර් රථය තුළ තිබී සැකකරුගේ සහ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරු පොලිසිය විසින් සොයාගෙන ඇත. සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව බලධාරීන් පවසයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර