ඇමෙරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ඇක්ටන් ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් 17 හැවිරිදි අර්ජුන් අරවින්ද් නමැති යෞවනයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු විසින් සිය 45 හැවිරිදි මව සහ 14 හැවිරිදි බාල සොහොයුරා ඝාතනය කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
මෙම අපරාධය සිදුකිරීමට පෙර සැකකරු විසින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය (ChatGPT) භාවිතා කරමින් පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමේ විවිධ ක්‍රමවේද සහ මනඃකල්පිත කතාන්දර පිළිබඳව සොයා බලා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. නීතිඥවරුන් පවසන පරිදි, ඔහු මෙම තාක්ෂණය උපයෝගී කරගෙන ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහිත ප්‍රබන්ධ කතා නිර්මාණය කර තිබේ.
පවුලේ සාමාජිකයන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් සිදුකළ සෝදිසි කිරීමකදී නිවස තුළ තිබී මියගිය දෙදෙනාගේ සිරුරු සොයාගෙන ඇත. ඝාතනයෙන් පසු සැකකරු මවට අයත් මෝටර් රථයෙන් පලාගොස් ඇති අතර, පසුව පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
අධිකරණය හමුවේ පෙනී සිටි සැකකරු තමා වරදකරු නොවන බව පවසා ඇති අතර, ඔහුව ඇප නොමැතිව රඳවා තැබීමට නියෝග කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර