ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මහතා ඉදිරි සැප්තැම්බර් මස පළමු සතිය තුළ මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත. මෙම සංචාරය සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය අතර මූලික සාකච්ඡා කිහිපයක් ද පවත්වා තිබේ.
සිය සංචාරය අතරතුරදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීම මෙම හමුවල ප්‍රධාන අරමුණ වී ඇත.
මෙහිදී දෙරට අතර ඒකාබද්ධ මෙහෙයුම්, ආරක්ෂක පුහුණු වැඩසටහන් සහ කලාපීය ආරක්ෂාවට බලපාන කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.
මීට පෙර 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී ද රාජනාත් සිං මහතා මෙරට සංචාරයකට සැලසුම් කර තිබූ නමුත්, පසුව එම සංචාරය අවලංගු කිරීමට පියවර ගැනිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර