කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ‘GeoGoviya’ පද්ධතියේ අනාගත සංවර්ධනය සහ තිරසාරභාවය පිළිබඳ විශේෂ උපායමාර්ගික සාකච්ඡාවක් පවත්වා තිබේ. ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ (IWMI) තාක්ෂණික සහ මූල්‍ය දායකත්වයෙන් ආරම්භ වූ මෙම පද්ධතිය මේ වන විට ගොවීන් මිලියන 1.42ක් සහ කුඹුරු ඉඩම් මිලියන 1.82ක් ආවරණය වන පරිදි මධ්‍යගත දත්ත ගබඩාවක් ලෙස ක්‍රියාත්මක වේ.
මෙම පද්ධතිය හරහා ගොවීන්ට අවශ්‍ය නිවැරදි තොරතුරු, කාලගුණික අනතුරු ඇඟවීම්, රෝග සහ කෘමි හානි පිළිබඳ දැනුවත් කිරීම් මෙන්ම වෙළඳපොළ මිල ගණන් තථ්‍ය කාලීනව ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි. එමගින් ‘ස්මාර්ට් ගොවියෙකු’ බිහි කරමින් ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.
පද්ධතියේ දත්ත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එය දේශීය Cloud යටිතල පහසුකම් වෙත මාරු කිරීමට සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL-CERT) හරහා ආරක්ෂණ ඇගයීම් සිදු කිරීමට ද තීරණය වී ඇත. එසේම, ජනාධිපති ලේකම් කාර්යාලය සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන අතර දත්ත හුවමාරුව වඩාත් කාර්යක්ෂම කිරීමට ද සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන සඳහා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, තාක්ෂණික විශේෂඥයින්, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ගොවි ජනතාවට තම වගා ලියාපදිංචි කිරීම් සහ මූල්‍ය සහනාධාර ලබා ගැනීම ඇතුළු සේවාවන් සඳහා තම ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත යොමුවිය හැකි බව බලධාරීහු පවසති.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර