රට පුරා පවතින විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාර ගැටලුවට විසඳුමක් ලෙස නව නේවාසිකාගාර 55ක් ඉදිකිරීමේ පුළුල් වැඩසටහනක් රජය විසින් ආරම්භ කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ සමාරම්භක පියවර ලෙස, පළමු නේවාසිකාගාරය සඳහා මුල්ගල් තැබීම අගෝස්තු 22 වන දින වවුනියාව විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය මෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
විශ්වවිද්‍යාල සිසුන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, ඉදිරියේදී දිවයිනේ අනෙකුත් විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි සෙසු නේවාසිකාගාර ඉදිකිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බව රජය පවසයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර