දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වාසය කළ වයස්ගත ගැහැනු ජිරාෆ් සත්ත්වයා පසුගිය 18 වැනිදා රාත්‍රී කාලයේදී මියගොස් ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. මියයන විට එම සත්ත්වයා වයස අවුරුදු 30කට ආසන්න විය.
සාමාන්‍යයෙන් වනයේ ජීවත් වන ජිරාෆ් සතුන්ගේ ආයු කාලය වසර 20ත් 25ත් අතර කාලයක් වුවද, මනා රැකවරණය සහ පරිපාලනයක් සහිත සත්වෝද්‍යාන පරිසරයකදී ඔවුන්ට ඊට වැඩි කාලයක් ජීවත් වීමේ හැකියාව පවතී. ඒ අනුව මෙම ජිරාෆ් සත්ත්වයා ඉතා දීර්ඝ ආයු කාලයක් භුක්ති විඳ ඇති බව බලධාරීහු සඳහන් කරති.
සත්ත්වයා මියයෑමට පෙර විශේෂ රෝගී තත්ත්වයක් වාර්තා වී නොතිබූ අතර, වයස්ගත වීම හේතුවෙන් ස්වභාවිකව සිදුවූ මරණයක් බවට නිරීක්ෂණය වී ඇත. සත්ත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (19) දින සිදු කිරීමට නියමිතව තිබුණි.
මේ අතර, සත්ව සුබසාධනය සහ ජාන විවිධත්වය පවත්වා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ, මෙම වසර අවසන් වීමට පෙර නව ජිරාෆ් සතුන් යුවළ දෙකක් මෙරටට ගෙන්වා ගැනීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර