නයිජීරියාවේ වයඹදිග සොකෝටෝ ප්‍රාන්තයේ ගොරෝනියෝ ප්‍රදේශයේදී බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අධික බර පටවාගෙන ගමන් කළ මෙම බෝට්ටුව පෙරළෙන අවස්ථාවේදී එහි 70කට අධික පිරිසක් ගමන් කර ඇති අතර, ඉන් වැඩි පිරිසක් වයස අවුරුදු 10ත් 15ත් අතර පසුවන ළමුන් බව හෙළි වී තිබේ. මොවුන් වී අස්වැන්න නෙළීම සඳහා ගමන් කළ කම්කරුවන් සහ ගොවිපල හිමියන් පිරිසකි.
අනතුරින් පසු ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, මේ වන විට පුද්ගලයින් 16 දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇත. ප්‍රදේශයේ පල්ලියක් අසල මළ සිරුරු 50ක් තැන්පත් කර තිබූ ආකාරය දැකගත හැකි වූ බව වාර්තා වේ.
නයිජීරියාවේ ජල මාර්ගවල මෙවැනි අනතුරු බහුලව සිදුවන අතර, බෝට්ටුවල පවතින අධික තදබදය, නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොකිරීම සහ ආරක්ෂක රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා මෙම ව්‍යසනයන්ට ප්‍රධාන හේතුව වී තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර