ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, චත්‍රපති සම්භාජිනගර් දිස්ත්‍රික්කයේ කවාඩියා කන්දේදී සිදු වූ ශෝකජනක සිදුවීමකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මියගිය පිරිස අතර 18 හැවිරිදි තරුණයෙකු සහ ඔහුගේ දෙමාපියන් වන 48 හැවිරිදි පියා සහ මව ද වෙති.
වාර්තා වන පරිදි, එම තරුණයා විසින් වාරික ක්‍රමයට මිලදී ගත් මිල අධික ජංගම දුරකථනයක වාරික මුදල් ගෙවීම සම්බන්ධයෙන් පියා සමඟ බහින්බස්වීමක් ඇති වී තිබේ. පියා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ තරුණයා කන්ද දෙසට ගොස් ඇති අතර, ඔහුව ආපසු කැඳවාගෙන ඒම සඳහා දෙමාපියන් ද ඔහු පසුපස කන්දට ගොස් ඇත.
සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු පොලිසිය සහ ගිනි නිවන භටයන් එම ස්ථානයට පැමිණ තරුණයා බේරා ගැනීමට උත්සාහ කළ ද, ඔහු කඳු බෑවුමේ විවිධ ස්ථානවල ගමන් කිරීම හේතුවෙන් එය අසීරු වී තිබේ. පසුව පියා පුතාව සන්සුන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු ලිස්සා බෑවුමෙන් පහළට වැටී ඇත.
තම සැමියා සහ පුතා කන්දෙන් වැටෙනු දුටු මව ද කලබලයට පත්ව කඳු බෑවුමෙන් පහළට වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. වලුජ් MIDC පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර