ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබා සිටී.
තරගයේ තුන්වැනි දිනය ආරම්භ කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 8ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලට, ඉන්දීය පන්දු යවන්නන්ගේ දැඩි පීඩනය හමුවේ කඩුලු කිහිපයක්ම අහිමි කර ගැනීමට සිදුවිය. දිනයේ පළමු කඩුල්ල ලෙස කමිල් මිෂාර ලකුණු 19කට දැවී ගියේය.
කෙසේ වෙතත්, පසිඳු සූරියබණ්ඩාර සහ කමිඳු මෙන්ඩිස් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 87ක සබඳතාවක් ගොඩනගමින් ඉනිම ශක්තිමත් කිරීමට උත්සාහ කළහ. එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ පසිඳු සූරියබණ්ඩාර සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. ඔහු ලකුණු 80ක් ලබා සිටියදී දැවී ගියේය.
දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය නිමාවනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 238ක් පසුපසින් පසුවන අතර, ඔවුන් සතුව තවත් කඩුලු 2ක් පමණක් ඉතිරිව ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර