මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන් වෙනුවෙන් ගුණාත්මක සහ පෝෂණයෙන් සපිරි ආහාර වේලක් ලබා දීමේ නව වැඩපිළිවෙළක් පසුගියදා ආරම්භ විය. රජයේ රෝහලක මෙවැනි ආහාර දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අංගය වන්නේ රෝගීන්ට ආහාර ලබා දීමේදී අනුගමනය කරන නව ක්රමවේදයයි. සාමාන්‍යයෙන් සියලුම ආහාර එකම පිඟානක බෙදා දීම වෙනුවට, බත්, එළවළු, මාළු සහ මස් ආදිය වෙන වෙනම වෙන් කර පිරිනැමෙන විශේෂ පිඟානක් (Customise Plate) මෙහිදී හඳුන්වා දී ඇත. මෙලෙස පිළිගන්වන ආහාර වේල රෝගීන්ගේ ආහාර රුචිය වැඩි කිරීමට හේතුවන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
මෙම ව්‍යාපෘතියට සමගාමීව රුපියල් ලක්ෂ 100කට ආසන්න පිරිවැයකින් ඉදිකළ නවීන පහසුකම් සහිත මුළුතැන්ගෙය ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් විවෘත කරන ලදී. මෙම ස්ථානය ‘ආහාරපාන දෙපාර්තමේන්තුව’ ලෙස නම් කර ඇති අතර, එහි සේවය කරන කාර්ය මණ්ඩලය සඳහා විශේෂ පුහුණුවක් ද ලබා දී තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සහ රෝහල් පාලනාධිකාරිය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. රුහුණු මහා කතරගම දේවාලය සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ශ්‍රම දායකත්වය ද මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට ඉවහල් විය.
මේ අතර, බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. පිළිකා, හෘද රෝග සහ දියවැඩියාව වැනි රෝග පාලනය කරමින් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම මෙම බලකායේ මූලික අරමුණයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර