නේපාලයේ හිමාලයානු දේශසීමා ආශ්‍රිතව සිදුවූ දැවැන්ත හිම කඳු නායයෑම් සහ ග්ලැසියර ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
සිය සමාජ මාධ්‍ය ගිණුමක් හරහා විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ස්වාභාවික ව්‍යසනයක වේදනාව හොඳින් දන්නා රටක් ලෙස මෙම දුෂ්කර මොහොතේ නේපාලය සමඟ ශ්‍රී ලංකාව නොසැලී සිටින බවයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද නේපාල රජය සහ ජනතාව වෙත සිය ශෝකය පළ කරමින් සහයෝගය පළ කර තිබේ.
මේ අතර, දෙරටේ විදේශ කටයුතු අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක් ද පවත්වා ඇත. නේපාලයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 157ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් 400කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ආරක්ෂක උපදේශනයක් නිකුත් කර ඇත. විශේෂයෙන්ම භෝටේ කෝෂි සහ ත්‍රිශූලි ගංගා ආශ්රිත ප්‍රදේශවල සංචාරය කරන හෝ පදිංචි ශ්‍රී ලාංකිකයින්ට දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, තත්ත්වය පැහැදිලි වනතුරු ගමන් බිමන් සීමා කරන ලෙසත් උපදෙස් ලබා දී තිබේ.
සහන අවශ්‍ය ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන අංකය +977 9851048653 ඔස්සේ සම්බන්ධ විය හැකිය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර