බත්තරමුල්ල ප්‍රදේශයේ ඉදිකෙරෙන සෙත්සිරිපාය තෙවන අදියර කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීම පසුගියදා සිදු කෙරිණි. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
2019 වසරේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය විවිධ අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් කාලයක් පුරා අත්හිටුවා තිබුණි. මහල් 25කින් සමන්විත මෙම ගොඩනැගිල්ල වර්ග අඩි දහතුන්ලක්ෂ පනස්නවදහසකට අධික වපසරියකින් යුක්ත වේ.
රුපියල් බිලියන 33.02ක ආයෝජනයකින් සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය, බලශක්ති අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යන ආයතනවල සමපාර්ශ්වකාරිත්වයෙන් ක්‍රියාත්මක වේ.
නවීන කාර්යාල පහසුකම්, සම්මන්ත්රණ ශාලා සහ රථ ගාල් ඇතුළු සියලු පහසුකම්වලින් මෙය සමන්විත වනු ඇත. කොළඹ නගරයේ පවතින රාජ්‍ය කාර්යාල බත්තරමුල්ල පරිපාලන කලාපය වෙත විතැන් කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, ඉදිරි මාස 30ක කාලය තුළ එහි ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර