Browsing: ලංකා ව්‍යාපාර

ලේක්හවුස් ආයතනයේ සේවය කළ සේවකයින් 66 දෙනෙකු සඳහා ස්ථිර සේවයේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරිණි.

යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීමේදී නීති රීති උල්ලංඝනය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව සුදුසුකම් මත පමණක් පදනම්ව සෞඛ්‍ය කාර්ය සහායකයින් 627 දෙනෙකු බඳවා ගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පාතාල නායක ‘හරක් කටා’ සම්බන්ධ සිදුවීම් මගින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයන් අතර පවතින අඳුරු සබඳතා යළිත් කරළියට පැමිණ තිබේ.

දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් සඳහා ලැබුණු විදේශීය ආධාර සම්බන්ධීකරණ කමිටුවේ අවසන් අදියරේ කටයුතු පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේදී සාකච්ඡා කෙරිණි.

ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය ඉලක්ක කරගනිමින් ඇයව එම ධුරයෙන් ඉවත් කිරීමට සැලසුම් සහගත මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වේ.

ශ්‍රී ලංකාවේ සහාධිපත්‍ය දේපළ කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව නිල වෙබ් අඩවිය එළිදැක්විණි.

කොළඹ නගරයේ පවතින කසළ බැහැර කිරීමේ ගැටලු සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ‘ඇසිදිසි’ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවා තිබේ.