Browsing: ශ්‍රී ලංකාව

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ආරම්භ වීමට නියමිත සෘජු ගුවන් සේවා සමඟින් බෞද්ධ වන්දනාකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා නව සංචාරක වැඩසටහනක් එළිදැක්වේ.

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අනතුරු අඟවයි.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම වත්මන් යුගයේ අවශ්‍යතාවයක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පවසයි.

QR කේත ක්‍රමය ඔස්සේ කුඩා තේ වතු හිමියන් ලක්ෂයකට අධික පිරිසකට පොහොර මෙට්‍රික් ටොන් 21,500ක් ලබා දීමට පියවර ගෙන ඇති බව වැවිලි අමාත්‍යවරයා පවසයි.

කටුනායක ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ගිනි අවියක් පැහැරගෙන පලාගිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු හිටපු සිවිල් ආරක්ෂක භටයෙකු බව විමර්ශනවලදී හෙළිවී ඇත.

ශ්‍රී ජයවර්ධනපුරදී පැවැති 31 වැනි සුමති සම්මාන උළෙලේදී අද දෙරණ නාලිකාව ප්‍රවෘත්ති හා වැඩසටහන් අංශ කිහිපයක් ඔස්සේ සම්මානයෙන් පිදුම් ලැබීය.

ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සිඩ්නි නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශේෂ ජංගම කොන්සියුලර් සේවා වැඩසටහනක් සාර්ථකව පවත්වා තිබේ.

වැසිකිළිය තුළ ජංගම දුරකථන භාවිත කිරීමෙන් බැක්ටීරියා ආසාදන ඇතිවීමේ අවදානම 65 ගුණයකින් ඉහළ යන බව නවතම පර්යේෂණවලින් අනාවරණය වේ.