
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉඩම සහ නිවාස යන දෙකම අහිමි වූ පුද්ගලයින්ට රුපියල් කෝටියක මුදලක් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ ඉඩම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් සහ නිවසට ලක්ෂ 50ක් වශයෙන් බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
ජනපතිවරයා මේ පිළිබඳ පවසා සිටියේ අද පැවති පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
එමෙන්ම නිවසක තහඩුවක් හෝ ගැලවී ඇත්නම් එම නිවාස සඳහා ලක්ෂ 10ක මුදලක් ලබා දෙනබවත් ජනපතිවරයා මෙහිදී පවසා සිටියා.
ආපදාවට ගොදු වූ ප්‍රදේශයන්හි ජීවත්වන පුරවැසියන්ට තම නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 25000ක මුදලක් රජයෙන් ලබාදෙන බවයි ජනපතිවරයා මෙහිදී පැවසුවේ.
එම දීමනාව අද සහ හෙට යන දිනයන්වලදී ලබා දෙන බව පැවසූ ජනපතිවරයා මෙහිදී පවසා සිටියේ ආපදාවන් වලට ගොදු වූ නිවාස සඳහා නැවත ගෘහභාණ්ඩ මිලදී ගැනීමට රුපියල් පනස් දාහක මුදලක් ලබාදෙන බවයි.
ආපදාවන්ගෙන් බලපෑමට ලක් වූ ධාන්‍ය වර්ග සඳහා හෙක්ටයාරියකට එක් ලක්ෂ පනස් දහසක දීමනාවක් ලබාදෙන බවත් ජනපතිවරයා මෙහිදී පවසා සිටියා.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර