ශ්රී ලංකා බැඩ්මින්ටන් සංගමය සහ ශ්රී ලංකා පාපැදි සම්මේලනය තුළ සිදුව ඇතැයි පැවසෙන දූෂණ, වංචා සහ අක්රමිකතා විමර්ශනය කිරීම සඳහා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් විශේෂ පරිවර්තන කමිටු දෙකක් පත් කර තිබේ.
මෙම පියවරට සමගාමීව, අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෝටර් රථ ක්රීඩා සංගමයේ ලියාපදිංචියද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත. එම සංගමයේ පරිපාලන කටයුතු සහ ව්යවස්ථා සංශෝධන ක්රියාවලිය අධීක්ෂණය කිරීමේ බලය ක්රීඩා අමාත්යාංශ ලේකම්වරයා වෙත පවරා තිබේ.
1973 අංක 25 දරන ක්රීඩා පනත යටතේ මෙම තීරණ ගෙන ඇති අතර, නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කර ගන්නා තෙක් බැඩ්මින්ටන් සහ පාපැදි සංගම්වල කළමනාකාරීත්වය පත් කර ඇති පරිවර්තන කමිටු වෙත පැවරේ. නව ව්යවස්ථාවක් සම්පාදනය කිරීම, සාමාජිකයන් නැවත ලියාපදිංචි කිරීම සහ දින 90ක් ඇතුළත නිලවරණ පැවැත්වීම මෙම කමිටුවල ප්රධාන වගකීම් වේ.
බැඩ්මින්ටන් පරිවර්තන කමිටුවේ සභාපතිත්වය එම්.එච්.එස්.එස්. කුසුම් කුමාර මහතා දරන අතර, පාපැදි සම්මේලනයේ පරිවර්තන කමිටුවේ සභාපති ලෙස අනුර මහආරච්චිගේ මහතා පත් කර ඇත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර