සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුනසිංහ යළි අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට ඇගේ නිල කාමරයට යාම අවහිර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ය.
තම නිල කාමරය සභාපතිවරයා විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇති බවට මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් අද(02) පෙරවරුවේ පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මීට පෙර චෝදනා එල්ල වූයේ ප්‍රාදේශීය සභා ලේකම්වරියට පහරදීමක් සම්බන්ධයෙන්.
ඉන් තුවාල ලැබූ ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට භාර වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට මතුගම වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර