කැනඩාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන් සහ නව යොවුන් වියේ පසුවන්නන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට අදාළ නව පනත් කෙටුම්පතක් එරට රජය විසින් ඉදිරිපත් කර ඇත.
‘සුරක්ෂිත සමාජ මාධ්‍ය පනත’ (Safe Social Media Act) ලෙස නම් කර ඇති මෙම කෙටුම්පත කැනඩා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ සංස්කෘතික අමාත්‍ය මාක් මිලර් මහතා විසිනි.
අන්තර්ජාලය හරහා දරුවන් මුහුණ දෙන විවිධ අවදානම් සහ ආරක්ෂක තර්ජන සැලකිල්ලට ගනිමින් දෙමාපියන් සහ විශේෂඥයින් දිගින් දිගටම කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගෙන තිබේ.
මීට පෙර ඔස්ට්‍රේලියාව ද දරුවන් වෙනුවෙන් මෙවැනිම සමාජ මාධ්‍ය තහනමක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත් අතර, එක්සත් රාජධානිය ඇතුළු තවත් රටවල් කිහිපයක් ද ඒ හා සමාන නීතිමය රාමුවක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
ලබන සතියේ ප්‍රංශයේ පැවැත්වීමට නියමිත G7 සමුළුවට සමගාමීව මෙම යෝජනාව ඉදිරිපත් වී තිබීම විශේෂත්වයකි. එම සමුළුවේදී ලෝක නායකයින් විසින් කෘත්‍රිම බුද්ධිය සහ අන්තර්ජාලය හරහා දරුවන්ට සිදුවන හානි වැළැක්වීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර