ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයෙකු වන රුමේෂ් තරංග, පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.
ඉතාලියේ රෝම නුවරදී පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා මෙම ජයග්‍රහණයට මූලික වී තිබේ. එහිදී මීටර් 92.62ක දුරක් වාර්තා කරමින් ඔහු නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවීය.
මලල ක්‍රීඩා ඉසව්වකදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලෝක ශ්‍රේණිගත කිරීමක ළඟා වූ ඉහළම ස්ථානය මෙය ලෙස ඉතිහාසගත වේ. රුමේෂ්ගේ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර