බැංකු ක්ෂේත්රය ඩිජිටල් තාක්ෂණය වෙත වේගයෙන් ගමන් කළද, එම තාක්ෂණය කෙරෙහි පාරිභෝගික විශ්වාසයක් නොමැති නම් ඉන් කිසිදු ඵලක් නොමැති බව බැංකු ප්‍රධානීහු පෙන්වා දෙති. ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සහ DailyFT එක්ව සංවිධානය කළ වෙබිනාර් සාකච්ඡාවකදී ඔවුන් මේ බව අවධාරණය කළහ.
හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා සඳහන් කළේ, සයිබර් ආරක්ෂාවකින් තොරව සිදුකරන ඕනෑම ඩිජිටල් අනුවර්තනයක් බැංකුවට වාසියට වඩා අවාසියක් විය හැකි බවයි. තාක්ෂණයට වඩා පාරිභෝගික විශ්වාසය ජයග්‍රහණය සඳහා අත්‍යවශ්‍ය සාධකය බව ඔහු වැඩිදුරටත් පැවසීය.
කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පෙන්වා දුන්නේ, සයිබර් ප්‍රහාර සහ ඩිජිටල් වංචා වර්තමාන බැංකු පද්ධතියට එල්ල වී ඇති ප්‍රබල අභියෝග බවයි. සයිබර් ආරක්ෂාව යනු තොරතුරු තාක්ෂණික ගැටලුවක් පමණක් නොව, එය බැංකුවේ සමස්ත ව්‍යාපාරික ආකෘතියේම කොටසක් විය යුතු බව ඔහු අවධාරණය කළේය.
කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණයන් බැංකු මෙහෙයුම් සඳහා යොදා ගැනීමේදී පවතින සදාචාරාත්මක වගකීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. තාක්ෂණය මිලදී ගත හැකි වුවද, දක්ෂතා සහ නායකත්ව ගුණාංග කාලයක් පුරා ගොඩනැගිය යුතු බවත්, අනාගත බැංකුකරණය මානව දායකත්වය සහ තාක්ෂණය යන දෙකෙහිම සම්මිශ්‍රණයක් විය යුතු බවත් පැනලයේ සිටි ප්‍රවීණයෝ අදහස් දැක්වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර