කොස්ගම – පරණගම පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ තරුණයින් දෙදෙනෙකුගේ දේහයන් තිබූ වළක් හාරා තොවිලයක් පැවැත්වූ සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
පසුගිය මැයි 16 වනදා තාවල්ගොඩ ඇලේ දියනෑමට ගොස් දියේ ගිලී මියගිය තරුණයින් දෙදෙනෙකුගේ දේහයන් මෙම සුසාන භූමියේ භූමදානය කර තිබුණි. පසුගිය 14 වනදා අලුයම් කාලයේදී කිසියම් පිරිසක් විසින් මෙම වළ හාරා තොවිලයක් පවත්වා ඇති බව අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අසල නිවසක තිබූ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකටයුතු ලොරි රථයක් සහ යතුරුපැදියක් නිරීක්ෂණය වී ඇත. එම ලොරි රථය ගමන් කළ නිවසක පදිංචිකරුවෙකු ප්‍රශ්න කිරීමේදී, තම බිරිඳගේ අසනීප තත්ත්වයක් සුව කරගැනීම සඳහා මහියංගණයෙන් පැමිණි යකදුරන් පිරිසක් විසින් මෙම තොවිලය සිදුකළ බවට ඔහු ප්‍රකාශ කර තිබේ.
අත්අඩංගුවට ගත් අදාළ නිවැසියා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත. පසුව අධිකරණ නියෝගයක් මත වළ නැවත වසා දැමීමට පියවර ගත්තද, මිනී පෙට්ටි නොමැති බවට ඥාතීන් තුළ සැකයක් මතුවීම හේතුවෙන් සුසාන භූමියේ උණුසුම් තත්ත්වයක්ද ඇති විය. පසුව ගම්වාසීන් ඉදිරියේ සිදුකළ පරීක්ෂාවකදී මිනී පෙට්ටි එම ස්ථානයේම තිබෙන බව තහවුරු විය.
තොවිලය පැවැත්වූ යකදුරන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට කොස්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර