ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයට නුදුරින් පිහිටි ඇරන් දූපතේ කළු කුරුල්ලන් අසාමාන්‍ය ලෙස මියයෑමේ සිදුවීම් වාර්තා වීමත් සමඟ ‘උසුටු’ (Usutu) නමැති වෛරසය පිළිබඳව ලෝක අවධානය යොමු වී තිබේ. මෙම වෛරසය මදුරුවන් මගින් සම්ප්‍රේෂණය වන බව මේ වන විට විද්‍යාත්මකව තහවුරු කර ඇත.
පළමුව 1959 වසරේ අප්‍රිකානු කලාපයෙන් හඳුනාගත් මෙම වෛරසය, වර්තමානයේ යුරෝපයේ ඇතැම් ප්‍රදේශවල ද පැතිර යමින් පවතින බව නවතම පර්යේෂණවලින් අනාවරණය වේ. විශේෂයෙන් ‘කුලෙක්ස් පයිපියන්ස්’ (Culex pipiens) නම් මදුරු විශේෂය හරහා මෙම වෛරසය පක්ෂීන් අතර ව්‍යාප්ත වන බව විශේෂඥයෝ පෙන්වා දෙති.
වසංගත රෝග විද්‍යාඥයින් පවසන පරිදි, මදුරුවන්ගේ වර්ධනයට සහ වෛරසය ශරීරගතවීමට උණුසුම් කාලගුණික තත්ත්වයන් බෙහෙවින් බලපායි. ආසාදිත මදුරුවන් දෂ්ට කිරීම මගින් සතුන්ට මෙන්ම මිනිසුන්ට ද වෛරසය ආසාදනය වීමේ හැකියාවක් පවතින බවට අනතුරු ඇඟවීම් නිකුත් වී ඇත.
දැනට මෙම වෛරසය මහජන සෞඛ්‍යයට ක්ෂණික තර්ජනයක් ලෙස නොසැලකුවද, පක්ෂි ගහනයට එල්ල කරන බලපෑම බරපතළය. කළු කුරුල්ලන්ට අමතරව බකමූණන් සහ ගොදුරු පක්ෂීන් ඇතුළු විශේෂ රැසක් මෙයින් මියයෑමේ අවදානමක් පවතී.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් අනාගතයේදී මදුරුවන් මගින් බෝවන මෙවැනි රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යා හැකි බව සෞඛ්‍ය විශේෂඥයින් වැඩිදුරටත් අවධාරණය කරති.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර