ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි ක්ෂේත්රය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කර ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඉහළ ස්ථානයකට රැගෙන යාමේ අරමුණින් සංවිධානය කළ ‘Mineral Sands Technical Conference 2026’ තාක්ෂණික සමුළුව අද (17) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය.
ලංකා වාණිජ මණ්ඩලය සහ ඕස්ට්‍රේලියාවේ Mineral Technologies ආයතනය එක්ව සංවිධානය කරන මෙම සමුළුව සඳහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින් සහ ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටිති.
සමුළුවේ ආරම්භක දේශනය පවත්වමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ, පාරිසරික සමතුලිතතාවය සහ තිරසාර සංවර්ධන ඉලක්ක ආරක්ෂා කරමින් නවීන තාක්ෂණය හරහා මෙම ක්ෂේත්රයෙන් උපරිම ප්රතිලාභ ලබා ගැනීමට රජය කැපවී සිටින බවයි.
මෙම සමුළුවේදී ජාතික ඛනිජ ප්‍රතිපත්තිය, නවීන ඩ්රෙජ් (Dredge) තාක්ෂණය, පතල් කැණීමෙන් පසු ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීම සහ ගෝලීය ESG ප්රමිතීන් පිළිබඳව ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරන ජාත්‍යන්තර විශේෂඥයින් විසින් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි කර්මාන්තය උපායමාර්ගිකව ජාත්‍යන්තර වෙළඳපොළට යොමු කිරීම පිළිබඳව විශේෂ සංවාද මණ්ඩපයක් ද පැවැත්වීමට නියමිත අතර, මෙය මෙරට ස්වභාවික සම්පත්වලින් ජාතික ආර්ථිකයට උපරිම දායකත්වයක් ලබා ගැනීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර