නාවික හමුදාවේ විධායක නිලධාරියකු ලෙස බඳවා ගැනීමේදී අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා එල්ල වී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඊයේ (17) නියෝග කළේය.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය. මීට අමතරව සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද අධිකරණය පියවර ගත්තේය.
2006 වසරේ නාවික හමුදාවේ විධායක අංශයට බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් සපුරා නොමැතිව බඳවා ගැනීම සහ එංගලන්තයේ රාජකීය නාවික හමුදා පාඨමාලාවක් සඳහා රජයේ මුදල් වැය කර යොමු කිරීම තුළින් රාජ්‍ය දේපළ අවභාවිතයට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබුණි.
අධිකරණයේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම සඳහන් කළේ, එම පාඨමාලාව සඳහා යෝෂිත රාජපක්ෂ මහතා යොමු කිරීම හේතුවෙන් රජයට රුපියල් හැට දෙලක්ෂ අසූහතර දහසකට අධික පාඩුවක් සිදුව ඇති බවයි. එවකට නාවික හමුදාපතිවරයාගේ සහ සැකකරුගේ කුමන්ත්‍රණයක් මත මෙය සිදුව ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දුන්නේය.
දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, මෙම නඩුව අගෝස්තු 04 වැනිදා යළි කැඳවීමට නියම කළ අතර, එදිනට විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසටද නියෝග කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර