දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු සහ වයිරස් උණ රෝග තත්ත්වයන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මෙම තත්ත්වය හමුවේ මහජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය අවධාරණය කරයි.
මෙම වසරේ ගතවූ මාස පහයි දින දහඅටක කාලය තුළ පමණක් මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 43,559 කි. මෙම කාලසීමාව තුළ ඩෙංගු රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 27ක් ලෙස වාර්තා වන අතර, ඉන් 21 දෙනෙකුම කාන්තාවන් වීම විශේෂත්වයකි. මියගිය පිරිස අතර පාසල් දරුවන් සිව්දෙනෙකු ද සිටින බව වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේ, දැනට පවතින දත්ත ප්‍රක්ෂේපණයන්ට අනුව රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට කඩිනම් පියවර නොගතහොත් රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යාමේ දැඩි අවදානමක් පවතින බවයි.
මේ අතර, ඩෙංගු මර්දනය සඳහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ වැඩසටහන් මාලාවේ පස්වන දිනය අද (19) ක්‍රියාත්මක වේ. ඒ යටතේ පොදු ස්ථාන පවිත්‍ර කිරීමේ කටයුතු ඇතුළු මර්දන ක්‍රියාමාර්ග රැසක් දිවයින පුරා සිදු කිරීමට නියමිතව ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර