හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඔහු ලබන ජූලි මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
සැකකරුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ 2022 වසරේදී එකම කාලසීමාව තුළ රජයේ ආයතන දෙකකින් වැටුප් ලබා ගැනීමයි. ඒ අනුව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසත්, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ ජනාධිපති කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙසත් කටයුතු කරමින් ඔහු මෙම මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, ජනාධිපති වැය ශීර්ෂය යටතේ රුපියල් කෝටි 20කට අධික මුදලක් සැකකරු විසින් අවභාවිත කර ඇති බවයි. පොදු දේපළ පනත යටතේ මෙම වැරදි සිදු කර ඇති බවට චෝදනා ගොනු කරමින්, සැකකරුට ඇප ලබා දීමෙන් විමර්ශනවලට බාධා විය හැකි බව පොලිසිය පෙන්වා දුන්නේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය අධිකරණයේදී කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයා කිසිදු වංචාවක් සිදු කර නොමැති බවත්, අදාළ මුදල් ඔහුගේ පෞද්ගලික ගිණුම්වලට බැර වී නොමැති බවත්ය. කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර