ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදාව විසින් දියත් කළ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මියගිය පිරිස අතර කුඩා දරුවෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරවලින් මියගිය අය අතර අල්ජසීරා මාධ්‍ය ජාලයේ කැමරා ශිල්පියෙකු ද සිටින බව තහවුරු වී තිබේ. කෙසේ වෙතත්, අදාළ පුද්ගලයා ස්නයිපර් ප්‍රහාරකයෙකු ලෙස කටයුතු කළ ත්‍රස්තවාදියෙකු බවට ඊශ්‍රායල ආරක්ෂක අංශ චෝදනා කරයි.
පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර උණුසුම් තත්ත්වයක් පවතින අතර, මේ දක්වා එල්ල වූ ප්‍රහාරවලින් මියගිය සමස්ත සංඛ්‍යාව 1007ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර