2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තීරණාත්මක තරගයකදී ස්වීඩනයට එරෙහිව ගෝල 5-1ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් විය. තරගයේ ආරම්භයේ සිටම ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ නෙදර්ලන්ත ක්‍රීඩකයෝ තරගය පුරා සිය ආධිපත්‍යය පවත්වා ගැනීමට සමත් වූහ.
තරගයේ 5 වන විනාඩියේදීම සිය පළමු ගෝලය වාර්තා කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ නෙදර්ලන්තය, ඉන් අනතුරුව 17, 47, 54 සහ 89 යන විනාඩිවලදී තවත් ගෝල හතරක් වාර්තා කරමින් සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.
ස්වීඩනය වෙනුවෙන් තරගයේ 59 වන විනාඩියේදී ඇන්තනි එලංගා විසින් එකම ගෝලය වාර්තා කිරීමට සමත් වුවද, එය නෙදර්ලන්තයේ ජයග්‍රාහී ගමන නැවැත්වීමට ප්‍රමාණවත් නොවීය.
මෙම ජයග්‍රහණයත් සමඟ නෙදර්ලන්තය සිය ලෝක කුසලාන සිහිනය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත් විය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර