මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණෙන ලක්ෂ 15කට අධික බැතිමතුන්ගේ පහසුව උදෙසා ජාතික පොසොන් කමිටුව විසින් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. ජුනි 26 වැනිදා සිට ජූලි 2 වැනිදා දක්වා ‘අනුබුදු ගුණ බෙලෙන් යුද ගිනි නිවේවා’ යන තේමාව යටතේ ජාතික පොසොන් සතිය ප්‍රකාශයට පත් කර තිබේ.
මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලය ඇතුළු ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. බැතිමතුන් සඳහා පිරිසිදු පානීය ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් සහ සෞඛ්‍ය සේවා පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව බලධාරීහු පවසති.
වැව් ආශ්රිත ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජීවිතාරක්ෂක සේවාවන් සහ පොලිස් නිලධාරීන් 300කට අධික පිරිසක් යොදවා ඇත. මීට අමතරව, හදිසි ප්‍රතිකාර අවශ්‍යතා සඳහා රතු කුරුස සංවිධානය සහ සෞඛ්‍ය අංශවල සහයෝගයෙන් විශේෂ වෛද්‍ය කඳවුරු ස්ථාපිත කර තිබේ.
ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, කොළඹ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය සේවා සහ බස් රථ සේවා ක්‍රියාත්මක වේ. අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට මිහින්තලය දක්වා නොමිලේ දුම්රිය සේවාවක් ද ජුනි 28 වැනිදා සිට දින තුනක් පුරා ක්‍රියාත්මක වනු ඇත.
බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් 3500කට ආසන්න පිරිසක් රාජකාරියේ යොදවා ඇති අතර, රථවාහන තදබදය අවම කිරීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර