රටේ අනාගතය යහපත් කිරීම සහ සමාජය නිවැරදි මගට යොමු කිරීම වෙනුවෙන් ඇතැම් අවස්ථාවලදී ජනප්‍රිය නොවන නමුත් අත්‍යවශ්‍ය තීරණ ගැනීමට රජයට සිදුවන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේදී පැවති දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් උත්සවයකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය කියා සිටියේ, ඇතැම් තීරණ සමාජයේ ඇතැම් පිරිස්වලට අප්‍රසාදයට හේතු විය හැකි වුවද, රටේ ගමන සාර්ථක කර ගැනීම උදෙසා දඬුවම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට යම් ප්‍රමාණයකට අවතීර්ණ වීමට සිදුව ඇති බවයි.
මෙම උත්සවයේදී පස්බාගේ කෝරළයේ දහම් පාසල් 31ක සිසුන් 2500කගේ සහභාගිත්වයෙන් පැවති තරග ඉසව්වල ජයග්‍රාහකයන් 205 දෙනෙකු සඳහා සහතික පත්‍ර සහ ත්‍යාග ප්රදානය කෙරිණි. මෙවර සමස්ත කුසලානය නාවලපිටිය ශ්‍රී සුගතධම්මෝදය දහම් පාසල විසින් දිනා ගන්නා ලදී.
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ. එහිදී අනුශාසනාවක් සිදුකළ උන්වහන්සේ, එක් අයෙකු සිදුකරන වැරැද්දක් නිසා සමස්ත ශාසනයටම දොස් පැවරීම නුසුදුසු බවත්, වැරදි කරන ඕනෑම අයෙකුට නීතිය අනුව දඬුවම් හිමි විය යුතු බවත් අවධාරණය කළහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර