දේශීය අර්තාපල් ගොවීන් මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුදය සහ විදේශීය අර්තාපල් ආනයනය කිරීම හේතුවෙන් උද්ගතව ඇති ගැටලු සම්බන්ධයෙන් රජය නිසි පියවරක් නොගන්නා බවට ‘දේශයේ ගොවි හඬ’ සංවිධානය චෝදනා කරයි. නුවරඑළියේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් පෙන්වා දුන්නේ, වගකිවයුතු අංශ මේ සම්බන්ධයෙන් දැඩි නොසැලකිල්ලකින් කටයුතු කරන බවයි.
පවතින කෘෂිකාර්මික ප්‍රතිපත්ති හේතුවෙන් දේශීය ගොවියාගේ ජීවනෝපාය බිඳවැටී ඇති බවත්, විදේශීය අර්තාපල් ආනයනය කිරීම මගින් දේශීය වෙළඳපොළ අගය පහත වැටී ඇති බවත් ගොවි නියෝජිතයෝ පවසති. මෙම තත්ත්වය හමුවේ ගොවීන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා නොදෙන්නේ නම්, දිස්ත්‍රික් මට්ටමින් උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
එහි එක් පියවරක් ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රදේශය වන තඹුත්තේගම කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඉදිරියේදී දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ගොවීන් කොළඹට කැඳවා කෘෂිකර්ම අමාත්‍යාංශය වටලා විරෝධතාවක් සිදු කිරීමට ද ඔවුන් සූදානම් වේ.
එමෙන්ම, වෙළඳපොළේ අලෙවි කෙරෙන ප්‍රමිතියෙන් තොර විදේශීය අර්තාපල් සම්බන්ධයෙන් නාගරික සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවධානය යොමු විය යුතු බවද ගොවි සංවිධාන අවධාරණය කරයි. පාරිභෝගික සෞඛ්‍යයට හානිකර ලෙස අලෙවි කෙරෙන මෙම අර්තාපල් තොග සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර