පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, දූෂණය, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා රජය දැඩි පියවර ගන්නා බවයි. දේශපාලන බලය භාවිත කරමින් අපරාධකරුවන්ට ලබා දී තිබූ රැකවරණය තවදුරටත් වලංගු නොවන බවත්, නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන සිදුකරන විමර්ශනවලට බාධා කිරීම් සහ තර්ජනය කිරීම් සිදු නොවිය යුතු බවත්, එවැනි නිලධාරීන් වෙනුවෙන් රජය පෙනී සිටින බවත් ඔහු සඳහන් කළේය. වසර ගණනාවක් පුරා රටේ ආර්ථිකය හා සමාජය බිඳ දැමූ දූෂිත ක්‍රියාවලින් උපයාගත් ධනය විදේශගත කිරීම් සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
රටේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඉටුකරන සේවය අගය කරන බවත්, එහෙත් පවුල් බලය හෝ දේශපාලන උවමනාවන් වෙනුවෙන් අපරාධවලට සම්බන්ධ වූ කිසිවෙකුටත් නීතියෙන් ගැලවීමට ඉඩ නොදෙන බවත් ඔහු අවධාරණය කළේය. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සහ තාජුඩීන් ඝාතනය වැනි සිදුවීම් පිටුපස සිටි කුඩා කණ්ඩායම් හෙළිදරව් කිරීමේ වගකීම රජය සතු බව ජනාධිපතිවරයා පැවසීය.
මීට අමතරව, දීර්ඝ කාලයක් තිස්සේ පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මෙම වසර තුළ අහෝසි කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ප්රජාතන්ත්රවාදය සහ භාෂණයේ නිදහස ආරක්ෂා කරමින්, ශිෂ්ටසම්පන්න සමාජයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර