ජූනි මස 30 වන අඟහරුවාදා දිනය පංචාංග ශුද්ධියෙන් යුක්තව පුවසල නැකැතින් බලගැන්වී ඇත. මෙම දිනයේ අටවිසි මහා යෝග චක්‍රයට අනුව ඡත්‍ර යෝගය සහ අමෘත යෝගය පවතින බැවින් විශේෂ කාර්යයන් සඳහා ඉතා සුබදායක වේ.
විශේෂයෙන්ම අස්විද, මා, මුල, පුෂ, අනුර, උත්‍රපුටුප, අද, සා, සියාවස, කැති, උත්‍රපල්, උත්‍රසල, රෙහෙණ, හත සහ සුවණ යන නැකැත් හිමියන්ට ශිල්ප ශාස්ත්‍ර සහ රසායනික කටයුතු සඳහා මෙම දිනය යොදා ගත හැකිය.
ගොවිතැන් කටයුතු සඳහා ජූනි 30 වන දින පෙරවරු 5.28 සිට පසුදින පෙරවරු 7.39 දක්වා පවතින සිංහකරණය ඉතා සුදුසු බව ජ්‍යොතිෂ්‍ය මතයයි.
එසේම ජූලි 04 වන සෙනසුරාදා දිනයද පංචාංග ශුද්ධිය සහිත සුබ දිනයකි. දෙනට නැකැත පවතින මෙම දිනය ප්රවර්ධමා යෝගයෙන් හා සිද්ධි යෝග බලයෙන් පෝෂිතව පවතී.
රෙහෙණ, හත, සුවණ, අද, සා, සියාවස, පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී, බෙරණ, පුවපල් සහ පුවසල නැකැත් හිමියන්ට මෙම දිනය විශේෂ වේ. ගොවිතැන් කටයුතු සඳහා ජූලි 04 වන දින පස්වරු 12.39 සිට පසුදින පස්වරු 1.29 දක්වා පවතින දිවිකරණය යොදා ගැනීම වඩාත් සුදුසුය.
ඕනෑම වැදගත් කටයුත්තකදී උපරිම සාර්ථකත්වය අපේක්ෂා කරන්නේ නම්, ජ්යොතිෂ්යවේදියෙකුගේ පෞද්ගලික උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු බව විශේෂඥ මතයයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර