රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සහන මිලකට සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
මෙම වැඩපිළිවෙළ යටතේ කැකුළු සහ නාඩු සහල් ලබාදීමට නියමිත අතර, එය ගෙවීමේ ක්‍රමයට සිදුකිරීමට නියමිතය. ඒ සඳහා විශේෂ වවුචර් පතක් හඳුන්වා දීමට කටයුතු යොදා ඇත.
අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම වවුචර් පත හරහා සතොස සහ සමූපකාර වෙළෙඳසල් මගින් අදාළ සහල් තොගය ලබාගැනීමට රාජ්‍ය සේවකයන්ට අවස්ථාව හිමිවන බවයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ යෝජනාවකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. රජය විසින් මිලදී ගන්නා වී තොග සහල් බවට පත් කර මෙලෙස රාජ්‍ය සේවකයන් වෙත ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර