ශ්‍රී ලංකාව තුළ මේ දිනවල ඩෙංගු රෝගීන් වාර්තා වීමේ යම් ඉහළ යාමක් දක්නට ලැබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඩෙංගු වෛරසයේ නව ප්‍රභේදයක් ව්‍යාප්ත වීම බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කය සහ මහරගම ඇතුළු නගරාසන්න ප්‍රදේශවල මෙම රෝග ව්‍යාප්තිය වැඩි වශයෙන් දක්නට ලැබේ. නිවාසවලට අමතරව පාසල්, කාර්යාල පරිශ්‍ර සහ හිස් ඉඩම්වල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බහුලව හඳුනාගෙන ඇති බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි.
අත්හැර දමා ඇති ඉදිකිරීම් භූමි සහ නඩත්තු නොකළ හිස් ඉඩම් සම්බන්ධයෙන් ගැටලු පවතින බවත්, ඒවායේ පාලන කටයුතු සිදු කිරීමේදී අයිතිකරුවන්ගේ මැදිහත්වීම් බාධාවක් වී ඇති බවත් ඇය සඳහන් කළාය.
කෙසේ වෙතත්, රජය විසින් ක්‍රියාත්මක කරන ලද විශේෂ මර්දන වැඩසටහන් හේතුවෙන් මේ වන විට රෝග ව්‍යාප්තියේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය. රට පුරා ඩෙංගු මර්දන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර