ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්රය ඩිජිටල්කරණය කරමින් වඩාත් නිවැරදි සහ සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීමේ අරමුණින් “වැවිලි ක්ෂේත්‍ර තීරණ සහාය පද්ධතිය” (Plantation Sector Decision Support System – DSS) නිල වශයෙන් ජනගත කෙරිණි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පද්ධතිය අමාත්‍යාංශය වෙත භාරදීම සිදු විය. “එක් වේදිකාවක්, බහුවිධ ආයතන, වඩා හොඳ තීරණ” යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය, ඒකාබද්ධ ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තන වැඩසටහන යටතේ දියත් කර ඇත.
මීට පෙර විවිධ ආයතන මගින් වෙන වෙනම පවත්වාගෙන ගිය දත්ත පද්ධති ඒකාබද්ධ කරමින්, තේ, රබර්, පොල් සහ කජු යන ප්‍රධාන වැවිලි භෝග ක්ෂේත්‍ර හතක තොරතුරු එකම ඩිජිටල් වේදිකාවක් ඔස්සේ නිරීක්ෂණය කිරීමට මෙමගින් අවස්ථාව උදාවේ. එමගින් කාලගුණික බලපෑම් තක්සේරු කිරීම, සහනාධාර ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සහ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම පහසු වනු ඇත.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, කඩදාසි ගොනු මත පදනම් වූ පැරණි ක්‍රමවේද වෙනුවට පරිගණක සහ ජංගම දුරකථන යෙදවුම් හරහා ක්ෂණික දත්ත ලබාගැනීම වැවිලි ආර්ථිකයේ තිරසාර සංවර්ධනයට විශාල රුකුලක් වන බවයි. මෙම ඩිජිටල් පද්ධතිය ශ්‍රී ලංකාවේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් සංවර්ධනයේ තීරණාත්මක පියවරක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම ව්‍යාපෘතිය සඳහා ගෝලීය ගේට්ස් පදනම අනුග්‍රහය දක්වා ඇති අතර, තාක්ෂණික සහාය MIT ESP ආයතනය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ලබා දී ඇත. උත්සව අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්, ජනාධිපති උපදේශකවරුන් සහ ලෝක බැංකු නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර