ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සේවය කරන විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය අධිකරණ පද්ධතිය තුළ තවදුරටත් රඳවා ගැනීම මෙම යෝජනාවේ මූලික අරමුණ බව වාර්තා වේ.
මෙම සංශෝධනය ක්‍රියාත්මක වුවහොත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 65 සිට 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 63 සිට 65 දක්වා ද ඉහළ යනු ඇත. දැනට පවතින නීති රාමුව යටතේ මහාධිකරණ විනිසුරුවරුන් වයස අවුරුදු 61 දී ද, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් වයස අවුරුදු 60 දී ද විශ්‍රාම ලබති.
පළපුරුදු විනිසුරුවරුන් ඉහළ අධිකරණවලට උසස්වීම් ලබන විට ඔවුන් විශ්‍රාම වයසට ආසන්න වීම හේතුවෙන් ඔවුන්ගේ අත්දැකීම් නිසි ලෙස භාවිතා කිරීමට නොහැකි වී ඇති බව රජයේ මතයයි. මෙම පියවර හරහා එම විනිසුරුවරුන්ට තවත් වසර කිහිපයක් සේවය කිරීමට අවස්ථාව හිමිවනු ඇත.
කෙසේ වෙතත්, රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් නීති ක්ෂේත්රය තුළ දැඩි විරෝධයක් මතු වී තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු වෘත්තීය සංවිධාන පෙන්වා දෙන්නේ මෙය අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ හැකි බවයි. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ පියවරෙන් බැහැර වන ලෙස එම සංවිධාන රජයෙන් ඉල්ලා සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර