පොසොන් පුන් පොහොය යනු ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂීම සන්ධිස්ථානයකි. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ මෙරටට බුදු දහම පමණක් නොව, උසස් අධ්‍යාත්මික හා සංස්කෘතික ජීවන රටාවක් ද උරුම විය. එතෙක් පැවති සමාජ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැගීමට එම දහම මහෝපකාරී විය.
කෙසේ වෙතත්, අතීතයේ පැවති එම උතුම් සාරධර්ම අද වන විට සමාජයෙන් ගිලිහී ගොස් තිබේ. වංචා, දූෂණ සහ අපරාධ බහුල වත්මන් සමාජය තුළ මිනිස් ජීවිතය අතිශය අසීරු තත්ත්වයකට පත්ව ඇත. මේ අතර, රටේ පවතින සෞඛ්‍ය ගැටලු අතර ඩෙංගු වසංගතය ප්‍රධාන තැනක් ගනී.
සංඛ්‍යාලේඛනවලට අනුව මේ වසරේ මුල් මාස කිහිපය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පනස්දහසකට ආසන්නය. මරණ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතී. වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක කරන ඩෙංගු මර්දන ව්‍යාපෘතිවල සැබෑ ප්‍රගතිය පිළිබඳව මෙහිදී බරපතල ප්‍රශ්න මතු වේ.
දඩ ගැසීම, ධූමායනය සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පමණක් ඩෙංගු මර්දනයට ප්‍රමාණවත් නොවන බව වත්මන් තත්ත්වය සාක්ෂි දරයි. වගකිවයුතු අංශ විසින් ක්‍රියාත්මක කරන එම ව්‍යාපෘති බොහෝ විට අසාර්ථක වී ඇත්තේ ඒවා හුදු වට්ටෝරු මට්ටමින් පමණක් ක්‍රියාත්මක වන බැවිනි.
ඩෙංගු මර්දනය යනු ජනතාව මත පමණක් වරද පටවා දඩ ගැසීමෙන් කළ හැකි දෙයක් නොවේ. මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ සිට ක්‍රමවත් නිරීක්ෂණ පද්ධතියක් දක්වා පුළුල් ප්රවේශයකින් පමණක් මෙම උවදුර පාලනය කළ හැකි වනු ඇත. පොසොන් උදාව සමරන මේ මොහොතේ, රටේ සෞඛ්‍යය සහ පරිසරය රැකගැනීම ද උතුම් සමාජ වගකීමක් බව සිහිපත් කළ යුතුය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර