අදට යෙදී ඇති පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන නායකයින් විසින් සිය සුබපැතුම් පණිවුඩ නිකුත් කරමින් ශිෂ්ට සම්පන්න සමාජයක අවශ්‍යතාවය අවධාරණය කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පණිවුඩය මගින් පෙන්වා දෙන්නේ, බුදු දහමෙන් උරුම වූ අභිමානවත් ශිෂ්ටාචාරය යළි ස්ථාපිත කරමින් ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමට සියලු දෙනා එක්විය යුතු බවයි. ආචාරධාර්මික පැවැත්මක් නොමැති රටකට දියුණුවක් කරා යා නොහැකි බවත්, රජය මේ වන විටත් රාජ්‍ය ආයතන තුළ එම ශිෂ්ටත්වය ගොඩනැගීමට කැපවී සිටින බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කරන්නේ, ආර්ථික ප්‍රගතිය මෙන්ම සදාචාරාත්මක වටිනාකම්වලින් සුපෝෂිත සමාජයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බවයි. කරුණාව, දයාව සහ සමානාත්මතාව වැනි බෞද්ධ වටිනාකම් සමාජයේ පදනම කර ගැනීමෙන් සාධාරණ රටක් ගොඩනැගිය හැකි බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පණිවුඩයේ සඳහන් කරන්නේ, පොසොන් පොහොය යනු හුදෙක් ආගමික උත්සවයක් නොව අධ්‍යාත්මික විප්ලවයක සංකේතයක් බවයි. බලය හෝ ධනය මත නොව ප්‍රඥාව සහ සංවාදය මත සමාජයක දියුණුව රඳා පවතින බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා, වෛරය පසෙකලා මෛත්‍රිය සහ යුක්තිය වෙනුවෙන් එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර