ලොව ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන ගුඕ වෙන්ගුයි (Guo Wengui) හට අමෙරිකානු අධිකරණයක් විසින් වසර 30ක සිර දඬුවමක් නියම කර ඇත. ඔහුට මෙම දඬුවම හිමිව ඇත්තේ ඩොලර් බිලියනයක දැවැන්ත මූල්‍ය වංචාවක් සිදු කිරීමේ වරදටය.
මයිල්ස් ගුඕ සහ වන් ක්වොක් යන නම්වලින්ද හඳුන්වනු ලබන මොහු, ආයෝජකයින් දහස් ගණනක් රවටා සුඛෝපභෝගී ජීවන රටාවක් පවත්වාගෙන යාම සඳහා මුදල් ලබාගෙන ඇත. ව්‍යාජ ගනුදෙනු මගින් මුදල් විශුද්ධිකරණය සහ ජාවාරම්වල නිරත වීම ඇතුළු බරපතල අපරාධ චෝදනා ගණනාවකට ඔහු වරදකරු වී තිබේ.
චීනයේ ප්‍රසිද්ධ සුරැකුම්පත් සමාගමක විශාලතම කොටස් හිමිකරුවා ලෙස කටයුතු කරමින් සිය ධනය වර්ධනය කරගත් ගුඕ, චීන කොමියුනිස්ට් පක්ෂයේ දැඩි විවේචකයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. ඔහු 2017 වසරේදී චීනයෙන් පලාගොස් අමෙරිකාවේ රැකවරණය ලබා සිටියේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර