ශ්‍රී ලංකාවේ ආබාධ සහිත තරුණ තරුණියන්ගේ ආර්ථික සහභාගීත්වය ඉහළ නැංවීම සහ ඔවුන් සමාජගත කිරීමේ අරමුණින් ChildFund Sri Lanka ආයතනය විසින් විශේෂ වටමේස සාකච්ඡාවක් සංවිධානය කරනු ලැබීය.
රට තුළ පවතින ආබාධ සහිත පුද්ගලයන්ගෙන් ආසන්න වශයෙන් 70%ක් පමණ තවමත් රැකියා විරහිතව සිටින බවත්, අධ්‍යාපනයට ඇති සීමිත ප්‍රවේශය සහ සමාජීය බාධක මීට ප්‍රධාන හේතු වී ඇති බවත් මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.
වසර දහයකට වැඩි කාලයක් තිස්සේ ආබාධිතභාවය කේන්ද්‍ර කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කරන ChildFund ආයතනය, මේ වන විට ආබාධ සහිත දරුවන් 12,000කට අධික පිරිසකට සහාය ලබා දී ඇත. මෙම නව වැඩසටහන මගින් වයස අවුරුදු 15-24 අතර තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව සහ ව්‍යවසායකත්ව අවස්ථා ලබාදීමට සැලසුම් කර තිබේ.
පෞද්ගලික අංශයේ ආයතන සමඟ එක්ව ආබාධ සහිත පුද්ගලයන් බඳවා ගැනීම දිරිමත් කිරීම සහ ඔවුන්ගේ හැකියාවන් අගය කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම මෙහි මූලික අරමුණයි. මෙය හුදෙක් පුණ්‍ය කටයුත්තක් නොව, රටේ ආර්ථික වර්ධනය සඳහා සිදුකරන ආයෝජනයක් බව සංවිධායකයෝ පෙන්වා දෙති.
රජයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ශක්තිමත් කිරීම සහ වෙනස් කොට සැලකීම්වලට එරෙහිව අයිතිවාසිකම් මත පදනම් වූ ක්‍රියාමාර්ග ගැනීම හරහා මෙම වැඩසටහනේ තිරසරභාවය තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර