මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන් පෞද්ගලික අංශයේ ස්ථීර රැකියා සඳහා යොමු කිරීමේ ඒකාබද්ධ වැඩසටහනක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් දියත් කර ඇත. මෙම වැඩසටහන අන්ත්‍රාකාරී ඖෂධ පාලන ජාතික මණ්ඩලය, පුනරුත්ථාපන කාර්යාංශය සහ වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ එක්ව ක්‍රියාත්මක කෙරේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී අනාවරණය වූයේ, පෞද්ගලික අංශයේ කර්මාන්ත ක්ෂේත්රයේ පමණක් මේ වනවිට ලක්ෂ හතරකට අධික රැකියා පුරප්පාඩු පවතින බවයි. දේශීය ශ්‍රමිකයන් නොමැතිකම හේතුවෙන් විදේශීය ශ්‍රමිකයන් ගෙන්වීමට සිදුව ඇති තත්ත්වය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
විශේෂයෙන්ම ඉදිකිරීම්, පාවහන්, සම්භාණ්ඩ සහ ඔටෝ මොබයිල් වැනි ක්ෂේත්රවල පවතින මෙම පුරප්පාඩු සඳහා පුනරුත්ථාපනය වූ තරුණ පිරිස යොමු කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත. දැනටමත් වෘත්තීය පුහුණුව ලැබූ පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන් දසදහසක් පමණ සිටින බවත්, වසරකට 800ක් පමණ පිරිසක් පුනරුත්ථාපන මධ්‍යස්ථාන හරහා සමාජගත කෙරෙන බවත් වාර්තා වේ.
මෙම වැඩසටහන හරහා පුනරුත්ථාපනය වූ තරුණ පිරිසට නිසි පුහුණුවක් ලබා දී ඔවුන් දේශීය කර්මාන්තකරුවන් වෙත යොමු කිරීමට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන් සහ නිලධාරීන් සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර