වාද්දුව බැංකු ශාඛාවක් අසල පිහිටි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් (ATM) ඉදිරිපිටදී ගුවන් හමුදා නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පසුගිය ජුනි 22 වන දින මෙම පහරදීම සිදුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත වාද්දුව පොලිස් ස්ථානයේ විමර්ශන අංශය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩිගමුව, පිටුගල්දෙනිය සහ අටාල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර