රාජ්‍ය භාෂා සතියට සමගාමීව, රජයේ කාර්යාලවල භාවිත වන පොදු ආකෘති පත්‍ර 23ක් භාෂා ත්‍රිත්වයෙන්ම සකස් කර අන්තර්ජාලයට එක් කිරීමේ වැඩසටහන කොළඹදී පැවැත්විණි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩපිළිවෙළ නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
මෙම ආකෘති පත්‍ර www.moha.gov.lk වෙබ් අඩවිය හරහා ඕනෑම අයෙකුට පහසුවෙන් බාගත කරගත හැකිය. ඉඩම් කටයුතු, සමාජ සේවා, වැඩිහිටි දීමනා සහ විවිධ බලපත්‍ර ලබාගැනීම වැනි මහජනතාවට නිරන්තරයෙන් අවශ්‍ය වන සේවාවන් සඳහා මෙම ආකෘති පත්‍ර භාවිත කෙරේ.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කළේ, රාජ්‍ය ආයතනයකට පැමිණෙන පුරවැසියෙකුට තමන් දන්නා භාෂාවෙන් සේවාවක් ලබාගැනීමට නොහැකි වීම විශාල ගැටලුවක් බවයි. බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට පැවත එන සංකීර්ණ ආකෘති පත්‍ර ක්‍රමවේදය වෙනස් කිරීමේ ආරම්භයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පෙන්වා දුන්නේ, සෑම පුරවැසියෙකුටම තම මව් භාෂාවෙන් රාජ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කිරීම රජයේ මූලික සමාජ වගකීමක් බවයි. භාෂා ගැටලු හේතුවෙන් පුරවැසියාට ඇතිවන බිය හෝ අපහසුතාවය මඟහරවා ගැනීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනයේ (ICTA) ‘eForms System’ ව්‍යාපෘතියේ කොටසක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. ඉදිරියේදී මෙම ආකෘති පත්‍ර කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද රජය සැලසුම් කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර