ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් අතර ලිංගාශ්‍රිත රෝග (STI) සහ HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව පෙර වසරවලට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
විශේෂයෙන්ම පාසල් සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර මෙම රෝග තත්ත්වයන් වාර්තා වීම රජයේ දැඩි අවධානයට ලක්ව තිබේ. අමාත්‍යවරයා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ ඒකක මගින් සිදුකළ අධ්‍යයනයන්හිදී මෙම සිසුන් පිරිස හඳුනාගෙන ඇති බවයි.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය සහ ළමා කටයුතු භාර අමාත්‍යවරිය සමඟ සාකච්ඡා කර, අදාළ පාර්ශ්වයන් ඒකාබද්ධ කරමින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. බොහෝ තරුණ පිරිස් නොදැනුවත්වම මෙම අවදානමට ගොදුරු වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ අතර, ඩිජිටල් තිර සහ සමාජ මාධ්‍ය වෙත අධික ලෙස ඇබ්බැහි වීම හේතුවෙන් දරුවන්ගේ මොළයේ සිදුවන රසායනික වෙනස්කම් නිසා ඔවුන් විෂ මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹීමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බව මනෝ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා අනතුරු අඟවයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර