ඩිජිටල් තාක්ෂණය දියුණු වන වත්මන් යුගයේ කාන්තා හා ළමා අයිතිවාසිකම් සුරැකීම සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි. ‘පිරිසිදු ශ්‍රී ලංකාවක්’ ව්‍යාපෘතියේ මඟපෙන්වීම යටතේ ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක සයිබර් විධානය (DCC) මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාන්තා හා ළමා සංවර්ධන ඒකකවල නිලධාරීන් ඇතුළු 92කට අධික පිරිසක් මෙම වැඩමුළුව සඳහා සහභාගී වූහ. රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගේ ඩිජිටල් ආරක්ෂණ හැකියාවන් වර්ධනය කිරීම මෙහි මූලික අරමුණ විය.
ආරක්ෂක සයිබර් විධානයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් කේ.වී.පී. ධම්මික මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් තාක්ෂණික සැසි මෙහෙයවනු ලැබීය. මෙහිදී න්‍යායාත්මක දැනුමට පමණක් සීමා නොවී, සජීවී ප්‍රායෝගික අභ්‍යාස සහ සයිබර් ප්‍රහාර හඳුනාගැනීමේ ක්‍රමවේද පිළිබඳව නිලධාරීන්ව දැනුවත් කරන ලදී.
කෘත්‍රිම බුද්ධිය සහ ක්වොන්ටම් තාක්ෂණය මගින් මතුවන නවතම සයිබර් තර්ජන, දත්ත ආරක්ෂණ ක්‍රමවේද සහ නීතිමය රාමුව පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. රාජ්‍ය ආයතනවල දත්ත පද්ධති ආරක්ෂා කරගැනීම සහ සයිබර් අපරාධවලින් කාන්තාවන් හා දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා ගත යුතු පියවර පිළිබඳව නිලධාරීන්ට ප්‍රායෝගික අවබෝධයක් ලබාදීම මෙහි විශේෂත්වයක් විය.
මෙම වැඩසටහන මගින් රාජ්‍ය අංශයේ සයිබර් ආරක්ෂණ හැකියාවන් ශක්තිමත් කරමින්, වඩාත් ආරක්ෂිත ඩිජිටල් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වැදගත් පියවරක් තැබූ බව සංවිධායකයෝ පවසති.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර