සී. ඩබ්ලිව්. මැකී පී.එල්.සී සමාගමේ ස්කෑන් නිෂ්පාදන අංශය මගින් ක්‍රියාත්මක කළ ‘ස්කෑන් ජම්බෝ බොනැන්සා’ ප්‍රවර්ධන වැඩසටහනේ 9 වන අදියර සාර්ථකව අවසන් කරමින්, එහි ජයග්‍රාහකයින් 50 දෙනෙකු වෙත ත්‍යාග පිරිනැමීමේ උත්සවය කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවැත්විණි.
පසුගිය වසරේ ජුනි මාසයේ සිට නොවැම්බර් දක්වා මාස පහක කාලයක් පුරා දිවයින පුරා විසිරී සිටින පාරිභෝගිකයින් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. දිවයිනේ ගම් නගර 180ක් ආවරණය වන පරිදි පැවැති මෙම තරගාවලිය සඳහා පාරිභෝගිකයින් විශාල පිරිසක් සහභාගී වූහ.
සන්නාමය කෙරෙහි පාරිභෝගිකයින් දක්වන විශ්වාසය අගය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව සී. ඩබ්ලිව්. මැකී පී.එල්.සී සමාගමේ ස්කෑන් නිෂ්පාදන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අරුණ සේනානායක මහතා සඳහන් කළේය. ඉදිරියේදීත් අඛණ්ඩව මෙම වැඩසටහන පවත්වාගෙන යාමට සමාගම අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ රටකජු වෙළෙඳපොළ තුළ 70%ක ප්‍රතිශතයකට හිමිකම් කියන ‘ස්කෑන් ජම්බෝ පීනට්ස්’, දැඩි සෞඛ්යාරක්ෂිත තත්වයන් යටතේ නිෂ්පාදනය කරනු ලබයි. වසර 120ක ඉතිහාසයක් ඇති සී. ඩබ්ලිව්. මැකී පී.එල්.සී සමාගම මෙරට පාරිභෝගික භාණ්ඩ ක්ෂේත්රයේ ප්‍රමුඛතම ආයතනයක් ලෙස කීර්තියක් දිනා සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර