කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ පවතින කසළ බැහැර කිරීමේ අර්බුදය සහ ඉන් උද්ගතව ඇති ඩෙංගු රෝග ව්‍යාප්තියේ අවදානම පාලනය කිරීම සඳහා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති මෙම හමුවේදී, නගරය පිරිසිදුව සහ සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා අදාළ සියලු ආයතන එක්ව කඩිනම් සහ තිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ආරක්ෂක ලේකම්වරයා විසින් අවධාරණය කරන ලදී.
විශේෂයෙන්ම පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බැවින්, කසළ නිසි ලෙස බැහැර කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී මතු කෙරිණි. ඒ සඳහා අන්තර් ආයතනික සහයෝගීතාවයෙන් කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදී.
පවතින කසළ එකතු කිරීමේ පද්ධතියේ ඇති අඩුපාඩු මඟහරවා ගනිමින්, සම්පත් උපරිම ලෙස භාවිත කරමින් කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ආරක්ෂක ලේකම්වරයා අදාළ බලධාරීන්ට නියෝග කළේය. නගරයේ එකතු වී ඇති කසළ ඉවත් කිරීම සහ දිගුකාලීන ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
මෙම අවස්ථාවට කොළඹ නගරාධිපතිවරයා, නාවික හමුදාපති, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර