මෙරට ළමා පරපුරේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කැපවී කටයුතු කරන ප්රධානතම ආයතනය වන ජාතික ළමාරක්ෂක අධිකාරියේ සේවක පුරප්පාඩු 300කට ආසන්න සංඛ්යාවක් පවතින බව අනාවරණය වී තිබේ.
ආයතනයේ කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීම සඳහා 600ක පමණ කාර්ය මණ්ඩලයක් අවශ්ය වුවද, දැනට සේවයේ නියුතු පිරිස ඉන් අඩක් වැනි ප්රමාණයකට සීමා වී ඇත. මෙම තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පිහිටි කාර්යාල පද්ධතියේ දෛනික රාජකාරී කටයුතු පවත්වාගෙන යාමට බරපතළ බාධා එල්ල වී තිබේ.
පවතින පුරප්පාඩු අතර පරිපාලන නිලධාරීන්, දිස්ත්රික් ළමා ආරක්ෂණ නිලධාරීන්, මනෝවිද්යා නිලධාරීන් මෙන්ම ගිණුම් සහායකයන් සහ සහකාර උපදේශකවරුන් වැනි තනතුරු රැසක් පවතින බව වාර්තා වේ. සේවක හිඟය නිසා ළමා අපයෝජන වැළැක්වීම සහ ළමා හිංසනයන්ට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගැනීමට දැඩි අපහසුතාවක් මතුව ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනී, විශ්රාමික මහාධිකරණ විනිසුරු ප්රීති ඉනෝකා රණසිංහ මහත්මිය සඳහන් කළේ, පවතින සේවා අර්බුදය විසඳීම සඳහා අත්යවශ්ය නිලධාරීන් බඳවා ගැනීමේ ක්රියාවලිය මේ වන විටත් කඩිනමින් ආරම්භ කර ඇති බවයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර