ඇපල් සමාගමේ ප්‍රධාන සැපයුම්කරුවෙකු වන ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගම ඉලක්ක කර ගනිමින් සිදුවූ දත්ත උල්ලංඝනයක් පිළිබඳව ඉන්දීය බලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම සිද්ධිය හරහා තවමත් වෙළඳපොළට නිකුත් නොකළ iPhone 18 Pro මාදිලියට අදාළ සංවේදී තොරතුරු සහ ලේඛන අඳුරු වෙබ් අඩවියක (Dark Web) ප්‍රකාශයට පත් වී ඇති බව වාර්තා වේ.
ඉන්දීය තොරතුරු තාක්ෂණ අංශ පවසන පරිදි, මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරට පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම (CERT-In) මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ. කාන්දු වූ ලේඛන අතර උපාංගවල සංරචක ලැයිස්තු, සැපයුම්කරුවන්ගේ විස්තර සහ තාක්ෂණික රූප සටහන් ඇතුළත් බව සඳහන් වේ.
2026 සැප්තැම්බර් මාසයේදී එළිදැක්වීමට නියමිත iPhone 18 Pro සහ Pro Max මාදිලිවලට අදාළ මෙම තොරතුරු කාන්දුවීම ඇපල් සමාගමේ ගෝලීය සැපයුම් දාමයේ ආරක්ෂාව පිළිබඳව යළිත් ප්‍රශ්න මතු කර තිබේ. මෙම දත්ත කාන්දුව ටෙස්ලා, ක්වාල්කොම් සහ TSMC වැනි අනෙකුත් ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම්වලට සම්බන්ධ දත්ත සමඟද සම්බන්ධ විය හැකි බවට සැක පළ වේ.
සිද්ධියෙන් පසු ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගම ජාත්‍යන්තර උපදේශන ආයතනයක සහාය ඇතිව අධිකරණමය විගණනයක් (forensic audit) ආරම්භ කර ඇත. ඇපල් සමාගම සිය නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා විවිධ ජාත්‍යන්තර සැපයුම්කරුවන් මත යැපීම හේතුවෙන් මෙවැනි ආරක්ෂක බිඳවැටීම් ඔවුන්ගේ අනාගත සැලසුම්වලට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව වෙළඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර